April 26, 2024

"බන්ධනාගාර ගත කරන්න ලේසියි - නමුත් යලි සමාජගත කරන්න අමාරුයි" - අමාත්‍ය නාමල් රාජපක්ෂ

September 21, 2020

පුද්ගලයින් බන්ධනාගාරගත වන්නේ ඔවුන්ට ඇති කායික දුබලතාවයන් නිසා නොව යම්කිසි මානසික දුබලතාවයක් හේතුවෙන් නිසා බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ සදහන් කර සිටිනවා. ඇය මේබව සදහන් කලේ වැලිකඩ බන්ධනාගාරයේ තරුණ රැදවියන් සදහා පැවැති විශේෂ සති පාසල වැඩසටහනට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරිය,

වැලිකඩට නේවාසිකව අද මේ පිරිස පැමිණ තිබෙන්නේ කායික දුබලතාවයක් නිසා නොවෙයි. කොහේ හරි තමුන්ට මානසික වශයෙන්තිබුණ යම් දුබලතාවයක් නිසා, මනස පාලනය කරගන්න බැරිවුන නිසා, ආවේගය පාලනය කරගන්න බැරිවුන නිසා, තරහ පාලනය කරගන්න බැරිවුන නිසා, ආතතිය පාලනය කරගන්න බැරිවුන නිසා මේනිසා මේ අයව මානසික වශයෙන් පුනරුත්ථාපනය කිරීම ඉතා වැදගත් වනවා.  මනස පුනරුත්ථාපනය කිරීම, මනස පාලනය කරගන්න කියල දීම ඒවගේම ආවේග පාලනය කරගන්න කියලදීම හැමෝටම වැදගත්කාරණයක්. තත්පර කිහිපයක් පාලනය කරගන්න නොහැකිවීම නිසයි අද දීර්ඝ කාලයක් මෙතන නේවාසිකව රැදී ඉන්න සිද්ධවෙලා තියෙන්නෙ.

මෙම අවස්ථාවට සහභාගීවූ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය නීතිඥ නාමල් රාජපක්ෂ ද අදහස්  දැක්විය.

අප දන්නවා බන්ධනාගාරගත කරන එක ලේසියි. නමුත් සමාජගත කරන එක අමාරුයි. උසාවියකට දාලා ඇප නොදී බන්ධනාගාරගත කරන්න පුළුවන්. ඒක විනාඩි පහක වැඩක්. නමුත් ඒ විනාඩි පහේ ප්‍රතිඵල සමහර වෙලාවට එය ජීවිතාන්තය දක්වා ගත වෙනවා නැවත ඒ අය සමාජගත කරන්න. ඉතිං අපිට තියෙන අභියෝගය, ඔබට තියෙන අභියෝගය තමයි බන්ධනාගාරගතවීමට වඩා සමාජගත කිරීමේ අභියෝගය. අපිට තියෙන බොහොමයක් අභියෝග අතරින් තියෙන තවත් එක් අභියෝගයක් තමයි මේ තරුණ පිරිස එක් පැත්තකින් මත්ද්‍රව්‍ය වෙන්න පුළුවන් තවත් පැත්තකින් බන්ධනාගාරගත වෙන්න පුළුවන්. එහිදී අපි දන්නවා ආණ්ඩුවක් විදියට, පැවතිච්ච ආණ්ඩුවල වුනත් නීති රාමුවල යම් අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒක අපි පිළිගන්න ඕන කාරණයක්. ඒ පිළිබදව රාජ්‍ය අමාත්‍යතුමියත් මමත් පසුගිය දවස්වල කැබිනට් අමාත්‍යතුමා සමග සාකච්ඡා කලා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ,

ගරු රාජ්‍ය අමාත්‍යතුමිය වැඩභාරගැනීමෙන් අනතුරුව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ පිළිබදවත්, සිරකරුවන් පුනරුත්ථාපනය පිළිබදවත් ලොකු උනන්දුවකින් ඔබ සැම වෙනුවෙන් විශාල වැඩපිළිවෙලක් සකස්කරමින් කටයුතු කරනවා. එය අපි අගය කරන්න ඕන ඒවගේම අපි සියලු දෙනාම ඒ සදහා සහයෝගය ලබාදිය යුතුයි.

Rate this item
(0 votes)