March 19, 2024

20 සම්මත වූ පසු කැබිනට් මණ්ඩලය 35 දක්වා වැඩි කෙරේ

September 21, 2020

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අනුමත වීමෙන් පසුව කැබිනට් මණ්ඩලයේ සංඛ්‍යාව 35 දක්වා වැඩි කිරීමට රජය සුදානම් වන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමෙන් දැනට ක්‍රියාත්මක වන 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි වන අතර ඒ සමඟම එහි තිබෙන අමාත්‍ය මණ්ඩලය 30කට සීමා විය යුතුයි යන තීරණය ඉවත් වනු ඇත.

35 දක්වා වැඩිවන අමාත්‍ය මණ්ඩලයට මෙතෙක් කිසිදු අමාත්‍ය ධූරයක් හෝ රාජ්‍ය අමාත්‍ය ධූරයක් නොලද ජේෂ්ඨ මන්ත්‍රීවරුන් 4 දෙනෙකුට මෙන්ම සුළු ජාතික පක්ෂ නියෝජනය කරන කිහිපදෙනෙකුට හා දැනට රාජ්‍ය අමාත්‍ය ධූර දරණ කිහිපදෙනෙකුට අමාත්‍ය ධුර හිමි වීමට නියමිත බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

Rate this item
(0 votes)
Last modified on Sunday, 20 September 2020 21:44