කොවිඩ් වෛරස හමුවේ ජනතාව සෞඛාරක්ෂිත උපදෙස් නොසළකා කටයුතු කිරීම කණගාටුදායක බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
මෙරට ජනතාව කොවිඩ් වෛරසයෙන් ආරක්ෂා වීමට සඳහා අනුගමනය කළ යුතු සෞඛාරක්ෂිත ක්‍රමවේද කිසිවක් අනුගමනය නොකරන තත්ත්වයක් මේවන විට දක්නට ලැබෙන බව සමාජය තුළින් දක්නට ලැබේ.
මහ මඟ මෙන්ම පොදු ප්‍රවාහන සේවාවලදීත් ඇතැමුන් සෞඛාරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකරන අයුරු දැකගත හැකි විය.
මේ දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට පැමිණෙන පිරිස් ද සෞඛාරක්ෂිත ක්‍රමවේද අත් හැර දමා ඇති අයුරු දක්නට ලැබේ.
මෙවන් පසුබිමක සෞඛ්‍ය හා ආරක්ෂක අංශ පෙන්වා දෙන්නේ ජනතාවට වගකීම් සහගතව කටයුතු කළ යුතු බවය.