April 26, 2024

ප්‍රසන්න රණවීර සීගිරිය හස්ත කර්මාන්ත ගම්මානයට නැවතත් පන දෙන්න යයි

September 18, 2020

වසර ගණනාවක් තිස්සේ අතහැර දමා තිබූ ජාතික ශිල්ප සභාවට අයත් සීගිරිය හස්ත කර්මාන්ත ගම්මානය නැවතත් ආරම්භ කොට විදේශීය වෙලඳපලට සරිලන පරිදි සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව වේවැල්  පිත්තල මැටි ලී බඩු සහ ග්රාමීය කර්මාන්ත ප්රවර්ධන රාජ්ය අමාත්ය ප්රසන්න රණවීර මහතා පැවසීය.

රාජ්ය අමාත්යවරයා අමාත්යංශ ලේකම් විජිත බණ්ඩාරනායක ජාතික ශිල්ප සභාවේ සභාපති සුදත් අබේසේකර යන මහත්වරුන් ඇතුළු කණ්ඩායමක් සමඟ 17 දින පස්වරුවේ දැනට වසා දමා ඇති සීගිරියේ පිහිටි හස්ත කර්මාන්ත ගම්මානයේ  නිරීක්ෂණ චාරිකාවකට එක් වූහ.

මෙම ස්ථානයේ ඇති වටිනාකම සහ අතහැර දමා තිබූ ගොඩනැගිලි මෙන්ම නැවත  අලුත්වැඩියා කරන ලද ගොඩනැගිලි ආදී සියල්ල ගම්මානය පුරා ඇවිදිමින් නිරීක්ෂණය කරන්නට වූහ.

පසුව නිලධාරීන්ට උපදෙස් ලබා දී සිටියේ වහාම මෙම ස්ථානයට නව එළියක් එන ආකාරයට සංවර්ධනය කිරීම සඳහා දැනුම ඇති පුද්ගලයින් සොයා වාර්තාවක් සකසා තමා වෙත ලබාදෙන ලෙසය .

මෙහිදී මාධ්යවේදීන් ඇමතූ රාජ්ය අමාත්ය ප්රසන්න රණවීර මහතා කියා සිටියේ සිගිරිය හස්ත කර්මාන්ත ගම්මානය සංචාරක පුරවරයක් වූ සීගිරියේ නැවත ස්ථාපිත කරන බව ය. එමෙන් ම විදේශීය වෙළෙඳපොළ ඉලක්ක කර ගෙන දේශීය හස්ත කර්මාන්ත ශිල්පීන් උනන්දු කරමින් මෙම ස්ථානය නැවත ශක්තිමත්ව පවත්වාගෙන  යෑම  සඳහා අවශ්ය පියවර ගන්නා බවද අමාත්යවරයා සඳහන් කළේය.

විනාශ වී යන හස්ත කර්මාන්ත ගම්මානයට නැවත පණ දෙමින් ක්රියාත්මක මට්ටමේ පවත්වාගෙන යෑම සඳහා අවශ්ය සියලු පියවර ගන්නා බවද වැඩිදුරටත් ඒ මහතා පැවසීය.

මෙහිදී මාධ්යවේදීන් නැගූ ප්රශ්නවලට පිළිතුරු දෙමින් ප්රසන්න රණවීර රාජ්ය අමාත්යවරයා කියා සිටියේ විසි වෙනි විවස්ථා සංශෝධනය පියෙකු නැති අවජාතකයා පැවසුවද එහි ජාතකත්වය ජනාධිපතිවරයා විසින් බාර ගත් බවය. විසි වෙනි ආණ්ඩුක්රම ව්යවස්ථාව කඩිනමින් සම්මත කර ගැනීමට හැකි බවත් මැතිවරණ වලදී විසිවන  ව්යවස්ථා සංශෝධනය ගැන ජනතාවට දැනුම් දුන් නිසා එය සිදු කිරීමට හැකි බවද පෙන්වා දුන්නේය.

විසි වෙනි ආණ්ඩුක්රම ව්යවස්ථාව ගැන වැඩිපුරම කථා කරනු ලබන්නේ රාජ්ය නොවන සංවිධාන එන් ජී ඕ කාක්කන් බවද කියා සිටියේය .පසුගිය කාලයේ පත්කළ  කොමිසන් සභා වල තත්ත්වය පිළිබඳව ද සෑහීමකට පත් විය නොහැකි යැයි අමාත්යවරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම ඉදිරියේදී දහතුන් වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය එසේම තබාගෙන පළාත් සභා මැතිවරණයකට යන බව තමා ගේ පෞද්ගලික විශ්වාසය බව ද රාජ්ය අමාත්යවරයා මාධ්යවේදීන්  හමුවේ පැවසීය.

මෙම අවස්ථාවට වේවැල්  පිත්තල මැටි ලී බඩු සහ ග්රාමීය කර්මාන්ත ප්රවර්ධන රාජ්ය අමාත්යංශ ලේකම් විජිත බණ්ඩාරනායක ජාතික ශිල්ප සභාවේ සභාපති සුදත් අබේසේකර යන මහත්වරු ඇතුළු විශාල නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

Rate this item
(0 votes)