April 26, 2024

සිවාජිලිංගම්ට ඇප

September 16, 2020

අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් මහතා ඇප මත නිදහස් කර තිබේ.
   
රුපියල් ලක්ෂ දෙකක පුද්ගලික ඇප මත ඔහුව නිදහස් කර ඇත.

ජාතීන් අතර අසමගිය ඇති වන ආකාරයේ වැකි සහිත බැනරයක් ප්‍රදර්ශනය කරමින් සිදුකළ සැමරුමක් සම්බන්ධයෙන් කෝපායි පොලීසිය විසින් ඊයේ (15) තවත් පුද්ගලයෙක් සමග ඔහුව අත්අඩංගුවට ගනු ලැබීය.

මියගිය එල්.ටි.ටී.ඊ සාමාජිකයකු වන තිලීපන් යන අයගේ ගුණ සැමරුම තහනම් කරමින් යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත කර තිබු තහනම් නියෝගය උල්ලංඝනය කරමින් කෝපායි පොලිස් වසමේ අන්තන්කෛයි වත්ත ප්‍රදේශයේ දී මෙම “තිලීපන් ගුණ සැමරුම“ පවත්වා ඇතැයි පොලීසිය සඳහන් කරයි.

මෙම නඩුව සැප්තැම්බර් 25 වැනිදා නැවත කැඳවීමට නියමිතය.

Rate this item
(0 votes)