April 26, 2024

විගණන කොමිසම අහෝසි කරනවාට විමල් පාර්ශවයේ අප්‍රසාදය

September 16, 2020

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නීතිගත කළ ස්වාධින විගණන කොමිසම අහෝසි කිරීම පිළිබඳව තම පාර්ශවය අකමැති බව රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා ප්‍රකාශ කොට තිබේ.

ස්වාධින විගණන කොමිසම අහෝසි කිරීම පොදු ජනතාවගේ අභිලශියන්ට එරෙහිව යාමක් බවද සමරවීර මහතා පෙන්වා දෙයි.

කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලද ගැසට් කර තිබෙන විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතෙන් ස්වාධින කොමිසන් 09න් 02ක් ඉවත් කිරීමට යෝජනා වී ඇති අතර ඉන් එකක් වන්නේ ස්වාධින විගණන කොමිසමයි.

ජයන්ත සමරවීර මහතා විමල් විරවංශ අමාත්‍යවරයා නායකත්වය දරණ ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරයි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 15 September 2020 21:21