April 26, 2024

කරු ගෙදර : මංගල අතරමං - නායකත්වය තරුණයෙකුට - පත්වීම් කෙරෙන තුරු රනිල් නායකත්වයේ

අද (14) වනදා පැවති එජාප කෘත්‍යාධිකාර මණ්ඩල රැස්වීමේදී පක්ෂ නායකත්වය තරුණ නායකයෙකුට ඉදිරි අනාගතයේ භාර දීමට තීරණයක් ගෙන තිබේ.

එජාප මාධ්‍ය ඒකකය විසින් නිකුත් කරන ලද නිවේදනයකට අනුව නව නායකයා පක්ෂයේ සියලු කණ්ඩායම් සමඟ වැඩ කළ හැකි පුද්ගලයෙකු විය යුතු බව ද සඳහන් කොට ඇත.

නව නායකයා පත් කරන දිනයක් හෝ කාලවකවානුවක් පිළිබඳව කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී තීරණයක් ගෙන නොමැත.

මෙම තීරණයත් සමඟ හිටපු කතා නායක කරු ජයසුරිය මහතාව තාවකාලික නායකයා ලෙස පත් කිරීමට ගත් පියවර අහෝසි වී තිබේ.

මංගල සමරවීර මහතා ද පක්ෂයේ මහ ලේකම් ලෙස පත් වීමට බලාපොරොත්තුවෙන් සිටි බව ප්‍රකාශ වන අතර එය ද අවිනිශ්චිත වී තිබේ.

පක්ෂයේ නව නායකයා පත් වන තුරු වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයේ තව දුරටත් රැඳී සිටින බව වාර්තා වේ.

අද (14) පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී නව නායකයෙකු පත් කරගනු ඇතැයි මාධ්‍ය විසින් වාර්තා කර තිබිණි.

Rate this item
(1 Vote)
Last modified on Friday, 14 August 2020 15:14