April 27, 2024

23 වසරකට පසු කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාශය කප්පාදු කරලා - රසික ජයකොඩි

වේවැල්, බතික්, මැටි, කරදමුංගු හා සාදික්කා වලට අමාත්‍යංශ තිබුණත් කාන්තාවන් හා ළමයින් වෙනුවෙන් කැබිනට් අමත්‍යංශයක් නොතිබීම සමගි තරුණ බලවේගයේ ප්‍රචාරක ලේකම් රසික ජයකොඩි මහතා සඳහන් කරයි.

1997 සිට මේ දක්වා පැවති සෑම රජයක්ම කාන්තා හා ළමා කටයුතු අයිතීන් වෙනුවෙන් කැබිනට් අමත්‍යංශයක් වෙන් කළ බව ද ඔහු පෙන්වා දෙයි.

රටේ ජනගහනයෙන් 52%ක් කාන්තාවන් වන බවත් 25%ක් ළමුන් වන බවත් පෙන්වා දෙන ජයකොඩි මහතා මෙවර ඔවුන් වෙනුවෙන් තිබු අමාත්‍යංශය කප්පාදු කොට ඇති බවද පෙන්වා දෙයි.

ජයකොඩි මහතා මෙම අදහස් පළ කළේ සමඟි තරුණ බලවේගයේ මාධ්‍ය සාකච්ජාවකට එක්වෙමිණි.

 

Rate this item
(0 votes)