April 26, 2024

සැඟව සිටින මහ ලේකම් හිමි සිය ස්ථාවරය වෙනස් කරයි Featured

අපේ ජන බල පක්ෂයේ සැඟවී සිටින ලේකම් වේවැල්දෙණියේ විමලතිස්ස හිමියන් සිය ස්ථාවරය වෙනස් කරමින් එම පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය පුජ්‍ය අතුරලියේ රතන හිමියන්ට දෙන බව ප්‍රකාශ කරයි.

එම මන්ත්‍රී ධූරය රතන හිමිට හැර වෙන කාටද දිය යුත්තේ දැයි උන්වහන්සේ ප්‍රශ්න කරයි.

එහෙත් මිට පෙර උන්වහන්සේ සැඟව සිටින ස්ථානයේ සිට මාධ්‍යට ප්‍රකාශ කළේ එම මන්ත්‍රී ධූරය පුජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමිට ලබා දෙන බවය.

එහෙත් ඒ කොයි දේ කරන්නටත් පෙර තමන් වහන්සේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වී වසරක කාලයකින් පසු ඉල්ලා අස්වීමෙන් පසු රතන හිමිට එම මන්ත්‍රී ධුරය ලබා දෙන බවද අවධාරණය කරයි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 13 August 2020 21:08