April 26, 2024

සංචාරකයින්ගේ තොරතුරු ගන්න නව මෘදුකාංගයක්

මෙරට ගුවන්තොටුපොළ විවෘත කිරීමෙන් පසුව මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ තොරතුරු ඇතුළත් කර ගැනීම සඳහා පරිගණක මෘදුකාංගයක් හඳුන්වා දී තිබේ.

සංචාරකයින් මෙරට පැමිණ වීසා ලබා ගැනීමේ ක්‍රියාවලියේ සිට මෙරට සංචාරය කරන ස්ථාන පිළිබඳව ද එම මෘදුකාංගය මගින් නිරීක්ෂණය කළ හැකි බව සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය පවසයි.

සංචාරකයින් මෙරට පැමිණෙන අවස්ථාවේදී හා ඊට දින 5 කට හෝ 7 කට පසුව නැවත පී.සි.ආර් පරීක්ෂණයක් සිදු කරනු ලබයි.ඒ සඳහා සංචාරකයින්ගෙන් මුදලක් අය කර ගනු ලබයි.

Rate this item
(0 votes)