April 27, 2024

3න් 2ක ඉල්ලු උදයට 3න් 1ක් නැති වෙයි

මහින්ද සුළඟ නිර්මාතෘවරුන් 4 දෙනාගෙන් එක් අයෙකු වන පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතාට 2015 මහ මැතිවරණයෙන් ලබා ගත් මනාප සංඛ්‍යාවෙන් තුනෙන් එකක් මෙවර අහිමි වී තිබේ.

2015 මහ මැතිවරණයේදී ගම්මන්පිල මහතා එජනිසයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරඟ කොට මනාප 198818ක් ලබා ගනිමින් 2 වන ස්ථානයට පත් විය.

එහෙත් මෙවර මහ මැතිවරණයේදී පොදුජන පෙරමුණෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරඟ කොට ලබා ගැනීමට හැකි වූයේ මනාප 136331කි. හිමි වූයේ 4 වන ස්ථානයය. 

ඒ අනුව මෙවර මහ මැතිවරණයේදී ගම්මන්පිල මහතාට පසුගිය මහ මැතිවරණයට වඩා මනාප 62487ක් එනම් 3.1%ක මනාප සංඛ්‍යාවක් අහිමි වී තිබේ. 

උදය ගම්මන්පිල මහතා පොදුජන පෙරමුණු රජයට තුනෙන් දෙකක බලයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටි කෙනෙකි. 

Rate this item
(1 Vote)