April 26, 2024

නව නායකත්වයට නම් හතරක් - අකිල

අද (10) සිරිකොත දී පැවති එක්සත් ජාතික පක්ෂ විශේෂ රැස්වීමේදී ඉදිරියේ දී පක්ෂ නායකයා ලෙස කෙනෙකු පත් කර ගැනීම පිළිබඳ මූලික කතාබහක් පමණක් සිදු වූ බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් මහා ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ඒෂියන් මිරර් වෙත පැවසීය.

ඒ සඳහා තමාගේ නම මෙන්ම උප නායක රවී කරුණානායක, ජාතික සංවිධායක නවීන් දිසානායක, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා යන මහත්වරුන්ගේ නම් යෝජනා වී තිබෙන බවද ඔහු සඳහන් කරයි.

නව නායකයෙකු පත්වන තුරු දිගටම වික්‍රමසිංහ මහතා නායකත්වයේ සිටින බවද ඔහු සඳහන් කළේය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 11 August 2020 09:33