April 27, 2024

අපේ එකේ එල්ලුන නිසා ගොඩ ගියා - ප්‍රසන්න යළිත් ශ්‍රීලනිපයට ගහයි

යහපාලනයට සම්බන්ධ වී සිටි පුද්ගලයින්ව රටම ප්‍රතික්ෂේප කර ඇති බවත් ඔවුන් අතරින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇඟේ එල්ලුණු පිරිස පමණක් බේරී ඇති බවත් ප්‍රසන්න රණතුංග මහතා පවසයි. 

ප්‍රසන්න රණතුංග මහතා මේ බව පැවසුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. 

"අමාත්‍ය මණ්ඩලය 25කට 26කට සීමා කරනවයි කියලයි අපි දන්නෙ. මං හිතන්නෙ හොඳ පූර්වාදර්ශයක් ජනාධිපතිතුමා ලබාදෙයි. රටේ ජනතාවගේ විශ්වාසය තවතවත් දිනාගන්න එතුමා කටයුතු කරයි. පහුගිය යහපාලන ආණ්ඩුවෙ හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් දියවෙලා ගියා. ඔය අපිත් එක්ක ඉල්ලපු ටික, දිනපු ටික තමයි දැන් ඉතුරු වෙලා ඉන්නෙ. යූඑන්පී එකත් දියවෙලාම ගියා, සජිතුයි රනිලුයි බෙදිලා ගියා. දෙමළ සන්ධානෙ ගිය පාරට වඩා මන්ත්‍රීධුර අඩුවුණා. රටම යහපාලනයත් එක්ක හිටපු මිනිස්සුන්ව ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඔය අපේ ඇඟේ එල්ලිච්චි ටික විතරක් බේරුණා."

ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ක්‍රියාත්මක කරන්න ව්‍යවස්ථා සංශෝධනයකට යන්න ඕනෙ. ඒක කරන්න බලාපොරොත්තු වෙනවා. 19 අහෝසි කරන්න ඕනෙ. ඒවගේම රටට අහිතකරව ගහපු ගිවිසුම් අහෝසි කරන්නෙ කෙසේද කියන කාරණාව වෙන්න ඕනෙ. දේශීය ආර්ථික ප්‍රතිපත්තියක් සැලසුම් කරන රජයක් හැටියට මම විශ්වාස කරනවා රටට හොඳ කලක් යයි කියලා" යනුවෙන් ඒ මහතා සඳහන් කළේය. 

Rate this item
(0 votes)