April 26, 2024

නව කැබිනට් ඇමැතිවරුන් ගැන ඉඟි

නව ඇමැති මණ්ඩලය මෙම 12 වැනිදා පෙරවරුවේ මහනුවර මඟුල් මඩුවේදී දිවුරුම් දීමට නියමිතය. නව කැබිනට් ඇමැතිවරුන් 26 දෙනකුට සීමාකරමින් රාජ්‍ය, නියෝජ්‍ය සහ ව්‍යාපෘති ඇමැතිවරුන්ද මෙදින දිවුරුම් දීමට නියමිතව ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටද ඇමැති ධුරයක් හිමි වෙයි. බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය ජනාධිපතිවරයා භාර ගත යුතු බවට යෝජනා වී ඇත.

අගමැති මහින්ද රාජපක්ෂ මුදල් සහ නිවාස හා ඉදිකිරීම් ඇමැතිධුරවල දිවුරුම් දීමට නියමිතය. චමල් රාජපක්ෂ මහතා වාරිමාර්ග ඇමැති ධුරයේද නාමල් රාජපක්ෂ මහතා ක්‍රීඩා ඇමැති ධුරයේද දිවුරුම් දීමට නියමිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආරංචිමාර්ග සඳහන් කරයි. මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අධ්‍යාපන ඇමැති ධුරයටත් දිනේෂ් ගුණවර්ධන මහතා විදේශ කටයුතු ඇමැති ධුරයටත් යෝජනා වී තිබේ. සෞඛ්‍ය ඇමැතිධුරය සඳහා පවිත්‍රා වනිනිආරච්චි මහත්මියගේ නම යෝජනා වී තිබේ. මහින්දානන්ද අලුත්ගමගේ මහතා කෘෂිකර්ම ඇමැතිධුරයටද, ප්‍රසන්න රණතුංග මහතා සංචාරක හා සිවිල් ගුවන් සේවා ඇමැති ධුරයටද යෝජනා කර ඇති බවට කියැවේ.

ජනමාධ්‍ය ඇමැති ධුරය කෙහෙළිය රඹුක්වැල්ල මහතාටද ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාට අධිකරණ ඇමැතිධුරයද යෝජනා වෙයි. මීට අමතරව නවක මන්ත්‍රීවරුන් වන ආචාර්ය නාලක ගොඩහේවා, ආචාර්ය සරත් වීරසේකර සහ ජීවන් තොණ්ඩමන්ට කැබිනට් ඇමැති ධුර ලබාදීමට යන බව පැවසේ.

(අරුණ)

Rate this item
(1 Vote)