April 26, 2024

යෝෂිත විශේෂ මනාපයක් ඉල්ලයි (VIDEO)

තමන්ගේ පවුලේ සාමාජිකයෙකු වොනව අයෙකුට මනාපයක් දෙන්නැයි තමන් පළමු වතාවට ඉල්ලා සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ මහතා සඳහන් කරයි.

මෙවර කොළඹ දිස්ත්‍රික්කය සඳහා පොදුජන පෙරමුණෙන් තරඟ වදින අපේක්ෂක නීතිඥ ප්‍රේමනාත් සී දොලවත්ත මහතාගේ ප්‍රචාරක ජන හමුවකට එක්වෙමින් ඔහු එසේ කියා සිටියේය.

මෙවර මැතිවරණයේදී දොලවත්ත මහතාද පාර්ලිමේන්තුවට එවිය යුතු පුද්ගලයෙක් බවත් ඔහුටත් මනාපයක් ලබා දෙන්නැයි රාජපක්‍ෂ මහතා ඉල්ලා සිටියේය.

මහින්ද රාජපක්ෂ මහතා 2005දී පරාජය වී නිවසට ගිය විට දොලවත්ත මහතා තම නිවසට පැමිණ ඕනෑම අවස්ථාවක පෙනී සිටින බව පැවසූ බවද රෝහිත රාජපක්ෂ මහතා එහිදී පැවසීය.

Rate this item
(0 votes)
Last modified on Saturday, 01 August 2020 18:29