April 27, 2024

පාස්කු ප්‍රහාරයට හිටපු ජනපති වගකිව යුතුයි - හිටපු අගමැති Featured

පසුගිය වර්ෂයේ අප්‍රේල් 21 වැනි දින සිදු වූ පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් ආරක්ෂ ආමත්‍යවරයා ලෙස එවකට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වගකිය යුතු බව එම රජයේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.

රටේ ඕනෑම තැනක බෝම්බයක් පිපිරුනහොත් එහි වගකීම පවතින රජය විසින්ද ගත යුතු බවද ඔහු පෙන්වා දෙයි.

තමා එම බෝම්බ ප්‍රහාරයේ වගකීම ඒ අවස්ථාවේ භාර ගත්තේ එම පදනම සිටි බවද හිටපු අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 22 July 2020 09:21