April 27, 2024
×

Warning

JUser: :_load: Unable to load user with ID: 110

ලංකා බැංකුවෙන් 'ප්‍රතිභා ප්‍රභා' එළිදැක්වේ

September 01, 2014
ජාතියේ මහ පහන්ටැඹ ලංකා බැංකුව සිය 75 වන සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කළ 'ප්‍රතිභා ප්‍රභා' කළා මංගල්‍ය පසුගිය සෙනසුරාදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවත්විණ.
 
දැනට සේවයේ නිරත සහ විශ්‍රාම ලබා ඇති සේවක සේවිකාවන්ගේ කළා කුසලතා නැංවීම මෙම වැඩසටහනේ අරමුණ විය.
 
ලංකා බැංකුවේ සභාපති චීෆ් එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම, ලංකා බැංකුවේ මහා කළමණාකරු ඩී.එම් ගුණසේකර යන මහත්වරු ඇතුළු ජ්‍යෙෂ්ඨ කළමණාකාරීත්වය ආරාධිත අමුත්තන් ලෙස මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.
දැනට සේවයේ නියුතු සහ සේවයෙන් විශ්‍රාම ගිය සේවක සේවිකාවන් වෙනුවෙන්  අංශ 17 කින් තරග පැවැත්වුණු අතර විනිශ්චය අදියර දෙකකින් සමන්විත විය. එනම් විනිශ්චය මණ්ඩලය විසින් ප්‍රථම දෙවන හා තෙවන ස්ථාන තෝරා පත්කරගත් අතර ප්‍රේක්ෂක ඡන්ද විමසීමකින් ජනප්‍රියම අංශයට හිමි සම්මානය පිරිනැමිණ.
 
පළමු ස්ථානය - බස්නාහිර පළාත දකුණ ශාඛා විසින් ඉදිරිපත් කළ 'සයුරු රළ රඟ' 
දෙවන ස්ථානය - මධ්‍යම පළාත විසින් ඉදිරිපත් කළ 'අස්වැන්න' 
තෙවන ස්ථානය - ප්‍රධාන කාර්යාලය 'සී' අංශය විසින් ඉදිරිපත් කළ 'අවලෝකනය' 
ජනප්‍රිය විශේෂාංගය - විශ්‍රාමික සංගමය විසින් ඉදිරිපත් කළ 'උපහාර' 
 
මෙහි තරග වැදුනු කණ්ඩායම් සහ ඔවුන් ඉදිරිපත් කළ විශේෂාංග මෙසේය
1 සබරගමු පළාත - සබරගමු වරුණ
2 දකුණු පළාත - ගිරිදේවී උපත
3 ප්‍රධාන කාර්යාලය 'ඩී' - ආසයි මම රඟපාන්න
4 උතුරු මැද පළාත - කිරුළක උරුමය
5 මධ්‍යම පළාත - අස්වැන්න
6 ප්‍රධාන කාර්යාලය 'ඒ' - අනේ දෙයියනේ
7 නැගෙනහිර පළාත - ඕසීස් ඔෆ් අ ග්රේට් ලෙජන්ට් 
8 විශ්‍රාමික සංගමය - උපහාර
9 වයඹ පළාත - පුණරාගමනය
10 බස්නාහිර පළාත දකුණ - සයුරු රළ රඟ
11 ප්‍රධාන කාර්යාලය 'ඊ' - පියාගේ උදහස
12 ඌව පළාත - වෙල්කම් ටු ඌව
13 ප්‍රධාන කාර්යාලය 'බී' - රාජාවලිය
14 උතුරු පළාත - කාලාතර්ස්සනම්
15 බස්නාහිර උතුර - චේන්ජ්
16 ප්‍රධාන කාර්යාලය 'සී' - අවලෝකණ
17 ප්‍රධාන කාර්යාලය 'එස්' - කාටවත් කියන්නෙපා
තවත් ඡායාරූප පහතින් නරඹන්න
Rate this item
(0 votes)
Last modified on Monday, 01 September 2014 17:10