April 27, 2024

මේ මොහොතේ ඡන්දය කල්දැමීම අවශ්‍ය නෑ - ෆොන්සේකා Featured

රටේ වත්මන් තත්ත්වය පිළිබඳ සැළකීමේ දී මහ මැතිවරණය කල්දැමීම අනවශ්‍ය කරුණක් බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

කැළණිය ප්‍රදේශයේ ඊයේ (13) පැවති ජන හමුවකින් අනතුරුව මාධ්‍යෙව්දීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ අදහස් පළ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඔහු පවසා සිටියේ, මේ මොහොතේ රටේ පවතින තත්ත්වය අනුව ඡන්දය කල්දැමීමට අවශ්‍ය නැති බවය.

“අපිත් කැමති කොහොම හරි මේ ඡන්දෙ ඉවර වෙනවට තමයි“ යනුවෙන් පැවසු ඒ මහතා, ජන ජීවිතය ප්‍රමුඛස්ථානයක් ලබා දෙන බවත් පැවසීය.

මැතිවරණය කල්දැමීම සෑම අතකින් ම පාඩුවක් බවත් ෆෙන්සේකා මහතා කියාසිටියේය.

Rate this item
(1 Vote)