April 26, 2024

කොවිඩ් පාලනය කරන අලුත් යෝජනාවලියක් එක්ක GMOA අද ජනපති හමුවට

දෙවනි වටයේදී කොවිඩ් වෛරසය ආසාදනය වූ පුද්ගලයන් වැඩි වශයෙන් හමුවන ප්‍රදේශ තුළ නැවතත් සංචරණ සීමා පැනවිය යුතු බව රජයේ වෛද්‍ය නිළධරීන්ගේ සංගමය පවසයි.

පළමු අවස්ථාවේදීම නිවැරදි තීන්දු නොගතහොත් නැවතත් රට වසා දැමීම වැනි බරපතල තීන්දුවලට යොමුවීමට සිදුවන බැවින් ඊට පෙර අවදානම හඳුනාගෙන ඒ අනුව කටයුතු කළයුතු බව එම සංගමය අවධාරණය කරයි.

මේ අවස්ථාවේදී ගතයුතු පියවර සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය යෝජනාවලියක් සකස් කර ඇති අතර අද (13) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වී අදාල යෝජනාවලිය භාරදෙන බව එම සංගමය පවසයි.

Rate this item
(2 votes)
Last modified on Monday, 13 July 2020 13:29