April 26, 2024

ජාතික ආණ්ඩුවකට යන බවට වජිරගෙන් පැහැදිලි ඉඟියක්

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ආණ්ඩු පිහිටුවිය හැක්කේ ඉතා අසීරුවෙන් බැවින් විපක්ෂයේ පක්ෂවල සහයෝගයද ලබා ගත යුතු බව එක්සත් ජාතික පක්ෂ ගාල්ල දිස්ත්‍රික් කණ්ඩායම් නායක වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කරයි.

ඒ පිළිබඳව පුර්වාදර්ශයක් 2015 අගෝස්තු 15 පැවති මැතිවරණයෙන් පසු දක්නට ලැබුණු බව ඔහු සඳහන් කරයි.

ඔහු ඉන් අර්ථ දැක්වුයේ යහපාලන ජාතික ආණ්ඩුව වන අතර මෙවර මහ මැතිවරණයෙන් පසුව ද එවැනි ආණ්ඩුවක් ඇති විය හැකි බවට ඊයේ (08) වනදා වජිර අබේවර්ධන මහතා ඉගියක් දෙන ලදී.

තමන් මෙවර ආණ්ඩුවක් පිහිටවන්නේ අන්න ඒ ආකාරයට බවද ඔහු පෙන්වා දෙයි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 08 July 2020 20:33