April 26, 2024

රනිල් කියන්නේ මහ අසමත් නායකයෙක් - එස්.බී.දිසානායක

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ රටේ සිටි අසමත්ම නායකයා බවත් , සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කිසිවක් නොදන්නා නායකයෙක් බව ශ්‍රි ලංකා නිදහස් පොදු ජන සන්ධානයේ නුවරඑලිය දිස්ත්‍රික් අපෙක්ෂක එස්.බි.දිසානායක මහතා පැවසිය.

එස්.බි.දිසානායක මහතා එ බැව් කියා සිටියේ ඊයේ (08) දින හැටන් ප්‍රදේශයේ එස්.බි.දිසානායක මහතාගේ මැතිවරණ ප්‍රචාරක කටයුත්කට සහභාගි විමෙන් අනතුරුව මාධ්‍යය හමුවේ අදහස් පල කරමිණි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු ඒ මහතා  කියා සිටියේ මෙවර මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට සහ ජාතික සමගි ජල බලවේගයට ඉතා අඩු මන්ත්‍රිධුර සංඛ්‍යාවක් හිමි වන බවයි.

ශ්‍රි ලංකා නිදහස් පොදු ජන සන්ධානය මෙවර 2/3 අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගන්නා බවත්,  එම ජයග්‍රහණය තුල ජාතික ආණ්ඩුවක් ඇති කිරිමට කිසිදු අවශ්‍යයතාවයක් නොවන බවද එස්.බි.දිසානායක මහතා පැවසිය.

දෙකට කැඩුණු එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවන් විශාල පිරිසක් මේ වන විට ශ්‍රි ලංකා නිදහස් පොදු ජන සන්ධානය සමග එක් වන බවත් , එසේ එක්වන පිරිසෙන් දුෂණ වංචා චෝදනා නොමැති අය පමණක් ශ්‍රි ලංකා නිදහස් පොදු ජන සන්ධානය සමග එක් කර ගන්නා බවයි.

Rate this item
(0 votes)