April 26, 2024

මන්ත්‍රී සොයුරාගේ සැප රියට යටවී අයෙක් මියයයි

යාපනය නල්ලූර් කෝවිල් වීදියේ සුඛෝපභෝගී ජිප්රථයක් හා යතුරුපැදියක් ගැටීමෙන් බරපතල තුවාල ලැබූ වයෝවෘද්ද පුද්ගලයෙකු ඊයේ (07) සවස මිය ගොස් ඇති බවට යාපනය පොලීසිය පවසයි.

අදාල ජිප් රථය යාපනය දිස්ත්‍රීක්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකු වූ ටී.මහෙස්වරන්ගේ සොහොයුරෙකු වූ ටී.පරමේෂ්වරන් නැමත්තාට අයිති බවට පොලිස් පරික්ෂණ වලදී හෙලි වී ඇත.

අනතුර පසුගිය 05 වනදා සිදු වී බරපතල තුවාල සිදු වී යාපනය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී යතුරුපැදියේ ගමන්ගත් වයෝවෘද්ද පුද්ගලයා ඊයේ (07) සවස මෙසේ මිය ගොස් ඇත.

අනතුරින් මිය ගොස් ඇත්තේ 62 හැවිරිදි යාපනය තිරුනෙල්වේලි ප්‍රදේශයේ පදිංචි සින්නතුරෙයි කුගේන්ද්‍රන් නැමත්තෙකු වන අතර ජිප් රථය පැදවූ රියදුරු අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇති බවටද පරික්ෂණ සිදු කරන යාපනය පොලීසිය වැඩි දුරටත් පැවසීය.

Rate this item
(0 votes)