April 27, 2024

වැලිකඩ බන්ධනාගාරයේ පරීක්ෂණයට ලක් කළ කිසිවෙකුටත් කොරෝනා වැළඳී නැහැ - යුධ හමුදාපති

වැලිකඩ බන්ධනාගාරයෙන් හමුවූ කොරෝනා අසාධිතයා සම්බන්ධතා පැවැත්වූ රැඳවියන් 210 දෙනෙකුට එම වසංගතය අසාධනය වී නොමැති බව යුධ හමුදාපති ලුතිනල් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කර තිබේ.

මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 310 කගේ රුධිර සාම්පල පරීක්ෂණ සඳහා යොමු කර ඇති බව පෙන්වා දෙන යුධ හමුදාපතිවරයා ඉන් වාර්තා ලැබී තිබෙන්නේ ඉහත සඳහන් 210 දෙනාගේ පමණක් බවත් ඉතිරි 100 වාර්තාවන් හෙට (09) දිනයේ ලැබෙන බව ද හමුදාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.

මේ වන විට නිලධාරීන් හත් දෙනෙකු ඇතුළු 196 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබේ.

Rate this item
(0 votes)