April 27, 2024

අසාත් සාලි ආරක්ෂක මණ්ඩලයට සහභාගී වීම විමතියට කරුණක් (VIDEO)

මාවනැල්ල බුදුපිළිම වලට තීන්ත ගෑමේ සිද්ධියට අදාළ සැකකරුවන් දෙදෙනෙකු මුදවා ගැනීම සඳහා එවකට බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාව සිටි අසාත් සාලි මහතා කටයුතු කළ බව විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන මහතා පවසයි.

මෙම සිදුවීම් වූ අවස්ථාවේ කෑගල්ල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති වරයා ලෙස කටයුතු කළේ පාලිත සිරිවර්ධන මහතාය.

මාවනැල්ලේ බුදු පිළිම සිද්ධියට සම්බන්ධ සැක කරුවන් 13 දෙනෙකු ඉතා කෙටි කලක් තුළ පරීක්ෂණ වලින් අනතුරුව අත්අඩංගුවට ගත් බවද ඔහු පවසයි.

මෙම සිද්ධියට නායකත්වය දුන් තිදෙනාගෙන් එක් අයෙකු එම අත්අඩංගුවට ගත් පිරිස අතර සිටි බව ප්‍රකාශ කරන සිරිවර්ධන මහතා මෙම සිද්ධියෙන් පසු අසාත් සාලි මහතා ආරක්ෂක මණ්ඩල රැස්වීමට සහභාගී වීම පිළිබඳව විමතියට පත් වුණ බවද සඳහන් කරයි.

Rate this item
(1 Vote)
Last modified on Sunday, 05 July 2020 21:41