April 26, 2024

නාකොටික් නඩු භාණ්ඩ ගබඩාවට සීල් තබයි

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පිහිටා ඇති නඩු භාණ්ඩ ගබඩාවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මුද්‍රා තබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව ප්‍රකාශ කළේ  ඊයේ (03) පොලිස් මූලස්ථානයේ පැවති මධ්‍ය හමුවකදීය.

සැකකාර පොලිස් නිලධාරීන් මෙම නඩු භාණ්ඩ ගබඩාවෙන් පිටකර වෙනත් පුද්ගලයන්ට අලෙවි කර ඇති ද යන්න සොයා බැලීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙලෙස මුද්‍රා තබා ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

දැනට සිදුකළ පරීක්ෂණ අනුව සැකකාර පොලිස් නිලධාරීන් නඩු භාණ්ඩ ගබඩාවෙන් පිටකර ඇති බවට හෙළි වී නොමැති බවත් තවදුරටත් ඒ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ අපක්ෂපාතීව හා විනිවිධභාවයෙන් යුතුව සිදුකිරීම සඳහා පොලිස්පතිවරයා විසින් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට හා අධ්‍යක්ෂවරයාට ස්ථාන මාරුවීම් ලබා දී ඇති බවද හෙතෙම කියා සිටියේය.

මෙම සිද්ධියට අදාල නිලධාරීන්ට වගවීමක් අතරම මෙම පරීක්ෂණවලට මෙම නිලධාරීන්ගේ අල්ප හෝ බලපෑමක් ඇති විය හැකි බවට සැකකයක් ඇති නම් එම සැකය දුරුකිරීම සඳහා මෙම ස්ථාන මාරුවීම් ලබා දී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

Rate this item
(0 votes)