April 26, 2024

ඡන්දය ඉල්ලන්න නෙවෙයි හිටියේ - එජාපය කැඩුණ එක ගැන මට කණගාටුයි - හර්ෂ (VIDEO)

සමගි ජන බලවේගයට එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයන්ගෙන් සියයට 90කට වඩා සහයෝගය ලැබෙන බව හිටපු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයෙකු වන ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ සමඟි ජන බලවේගය එක්සත් ජාතික පක්ෂය සමඟ කිසිදු තරහක් නොමැති මුත් එක්සත් ජාතික පක්ෂය ඉන්න තැන මේ ජන්දයේදී පෙනෙන බවය.

එක්සත් ජාතික පක්ෂය කැඩිච්ච එක ගැන තමා කණගාටු වෙන් සිටින බවද සඳහන් කරන ඔහූ මෙවර මහා මැතිවරණයේදී අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමේ බලාපොරොත්තුවක් නොතිබුන බවද සඳහන් කරයි.

සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ඉල්ලීම මත තමා මෙවර මැතිවරණයද ඉදරිපත් වන බවද ඔහු අවධාරණය කරයි. 

Rate this item
(0 votes)