April 26, 2024

රාජපක්ෂ ආණ්ඩුව රටට අහිතකර කිසිදු කොන්දේසියකට එකඟ වුණේ නැහැ - හිටපු මහ බැංකු අධිපති

2004 වසරේදී MCC ගිවිසුම හරහා ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවට යම් කිසි ආකාරයක ආධාර ලබා දීමට අදහස් කර තිබුණද 2006දී ඒ පිළිබඳ කරන ලද සාකච්ජා සීමා වූයේ එම ආධාර යටතේ කුමන ව්‍යාපෘති ක්‍රියාත්මක කළ යුතුද යන්න පමණක් බව හිටපු මහ බැංකු අධිපති වත්මන් අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. 

හිටපු මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කරන්නේ 2006 දී ඇමරිකාවේ MCC සමඟ ශ්‍රී ලංකාව අහිතකර ගිවිසුමක් තමන්ගේ නායකත්වයෙන් සාකච්ජා වූ බවට සමාජ මාධ්‍ය ජාලා තුළ සංසරණය වන කාරණයට පිළිතුරු වශයෙනි. 

මේ අතර විකිලීක්ස් හරහා හෙළි වී ඇතැයි කියන ඇමරිකා එක්සත් ජනපදයේ තානාපති රොබට් ඕ' බ්ලේක්  මහතාගේ පණිවිඩ අනුව 2006 දී සාකච්ජා වූවා යැයි පැවසෙන ආධාර අංශ 2019 දී යහපාලන රජය එකඟ වූ ආධාර අංශවලට වඩා හාත්පසින්ම වෙනස් වූ බවද පෙනී යන බවයි කබ්රාල් මහතා පෙන්වා දෙයි.

එමෙන්ම 2006 දී එම MCC ගිවිසුමට අදාළ කොන්දේසි පිළිබඳව සාකච්ජා ද කර නොමැති බවයි හෙතෙම අවධාරණය කරන්නේ. කෙසේ වුවත් එවකට මහින්ද රාජපක්ෂ රජය අප රටට අහිතකර වන හෝ අවදානමක් මතු කරන කිසිදු කොන්දේසියකට එකඟ වීමට අදහස් නොකළ බවද හිටපු මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියි. 

Rate this item
(1 Vote)