April 26, 2024

පොලිස් විමර්ශන ඒකකය සංගක්කාරවත් කැඳවයි

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ (2011) ශූරතාව මුදලට පවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ චෝදනාව සම්බන්ධයෙන් සාක්‍ෂි ලබාගැනීමට 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුමාර් සංගක්කාර මහතා ක්‍රීඩා වැරදි පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකයට හෙට (02) පෙරවරුවේ කැඳවීමට නියමිතය.

එම ඒකකයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් ආධිකාරී ජගත් ෆොන්සේකා මහතා පැවසුවේ සංගක්කාර හෙට පෙරවරු 9.00 ට කැඳවීම සඳහා මේ වන විට ලිපිය සකස් කරමින් සිටින බවයි.

“කුමාර් සංගක්කාර ඒ කණ්ඩායමේ නායකයා නිසා ඔහු විශේෂ පුද්ගලයෙක්. ඒ නිසා සංගක්කාර මහතාත් කැඳවීමට අපි තීරණය කළා” යැයි ෆොන්සේකා මහතා වැඩි දුරටත් පැවසීය.

එම තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරුවකු වූ උපුල් තරංගගෙන් ක්‍රීඩා වැරදි පිළිබඳ පොලිස් විශේෂ විමර්ශන ඒකකය අද (01 වැනිදා) පෙරවරුවේ පැය තුනක් ප්‍රකාශයක් ලබාගත්තේය.

Rate this item
(0 votes)