April 27, 2024

ඊළඟ ආණ්ඩුවෙත් කර්මාන්ත ඇමති මමයි - විමල් කියයි

මීළඟ ආණ්ඩුවෙත් කර්මාන්ත අමාත්‍යවරයා තමන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

හම්බන්තොට පැවති ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

වර්ථමානයේ පක්ෂ භේද නොමැති බවත් කැබිනට් මණ්ඩලයේ සිටින්නේ 14දෙනෙකු පමණක් බවත් ඔහු පැවසීය.

භාණ්ඩ රැසක් ආනයනය කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නවතා දමා ඇති බැවින් ඉදිරියේදී නව නිෂ්පාදන කර්මාන්ත බිහිවන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

පසුගිය ආණ්ඩුව ආර්ථිකමය බිම් බෝම්බ රට තුළ වළලා ඇති බැවින් ඒවා පුපුරවා නොගෙන නිවැරදිව ගලවා ඉවත් කරගත යුතු බව පැවසු අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ඒ සඳහා පළමුවෙන්ම සිදුකළ යුත්තේ නිවැරදි බෝම්බ නිෂ්ක්‍රිය අංශයක් මහජනතාව විසින් තෝරා පත්කර ගැනීම බවය.

Rate this item
(0 votes)