April 27, 2024

නව යුද හමුදා මාණ්ඩලික ප්‍රධානීවරයා සිය ධුරයේ වැඩ භාර ගනී

නව යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන මහතා සිය ධුරයේ වැඩ භාරගෙන තිබේ. 

මෙරට 55 වන යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානීවරයා ලෙස පත්වූ මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන මහතා ඊයේ යුද හමුදා මූලස්ථානයේ දී සිය ධුරයේ වැඩ භාරගත් බව යුද හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේය. 

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ධුරයේ කටයුතු කළ මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ මහතා විශ්‍රාම ගැනීමත් සමඟ එම ධුරය පුරප්පාඩු වී පැවතුණි. 

මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන මහතා මීට පෙර යුද හමුදා ස්වෙච්ඡා බලකාය භාර අණදෙන නිලධාරීවරයා ලෙස කටයුතු කළේය. 

නව යුද හමුදා මාණ්ඩලික ප්‍රධානීවරයා සහ වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අතර පළමු නිල හමුව ද ඊයේ දිනයේ පැවති බවයි යුද හමුදා මාධ්‍ය ඒකකය පැවසුවේය. 

Rate this item
(5 votes)