April 27, 2024

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු රාජකාරීවලින් ඉවත්වීමට සැරසෙයි

කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමට පෙර සූදානම සහ ප්‍රතිචාර දැක්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය හඳුන්වා දුන් මෙහෙයුම් මාර්ගෝපදේශන මාලාව වහා සංශෝධනය නොකරන්නේ නම්, දැනට සිදුකරන ක්ෂේත්‍ර රාජකාරීවලින් ඉවත්වීමට සිදුවන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අවධාරණය කරයි.

එම ඇතැම් මාර්ගෝපදේශන ක්‍රියාත්මක කිරීමේදී තම නිලධාරීන් ප්‍රායෝගිකව ගැටළු රැසකට මුහුණ පා ඇති බව එම සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා ප්‍රකාශ කරයි.

Rate this item
(0 votes)