April 27, 2024

බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමේ සූදානමක්

කොරෝනා වෛරසයත් සමඟ තම කර්මාන්ත ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

කොරෝනා වෛරසයත් සමඟ ගම්බිම් බලා ගිය සේවකයින් යළි ගෙන්වා ගැනීමේ ගැටළුවක් ද මතුව ඇති බව එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා ප්‍රකාශ කරයි.

පසුගිය දා රජය විසින් තම කර්මාන්තයට අදාළ අමුද්‍රව්‍ය රැසක බදු මිල ඉහළ දැමීම නිසා ද තමන් දැඩි දුෂ්කරතාවට පත්ව ඇති බව ඔහු ප්‍රකාශ කළේය.

මේ හේතුවෙන් බේකරි නිෂ්පාදනවල මිල ගණන් ඉහළ දැමීමට සිදුවන බව හෙතෙම වැඩිදුරටත් පැවසී ය.

Rate this item
(0 votes)