April 27, 2024

කොරෝනා ආසාදනය වූ යුධ හමුදා නිලධාරියෙකුගේ සමිපතයින් දෙදෙනෙකුටත් කොරෝනා

නව කොරෝනා වෛරසය ආසාදනය වූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 1639 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

අද දිනයේදී රාත්‍රී 7.00 වන විට කොරෝනා ආසාදිත රෝගීන් 06 දෙනෙකු වාර්තා වී ඇත.

ඉන් දෙදෙනෙකු නාවික හමුදා සාමාජිකයින් වන අතර බේලාරූස් සහ ඉන්දියාවේ සිට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකුද ඒ අතර සිටින බව වාර්තා වේ.

නව කොරෝනා වෛරසය ආසාදනය වූ බවට ඉකුත් දා තහවුරු වූ යුධ හමුදා නිලධාරියෙකුගේ සමිපතයින් දෙදෙනෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේය.

ඔවුන් දෙදෙනා බොරැල්ල ආයුර්වේද නිරෝධායන මධ්‍යස්ථානයේ සිටිය පුද්ගලයින් බව සෞඛ්‍ය අංශ පැවසීය.

Rate this item
(1 Vote)