April 26, 2024

තොණ්ඩමාන් අවමංගල්‍ය දී නිරෝධායන නීති අභියෝගයට

අමාත්‍යරයෙකු වූ ආරුමුගන් තොණ්ඩමාන් මහතා තලංගම රෝහලේ දී මරණය සිදු වූ අවස්ථාවේ සිට නොවුඩ් හී අවසාන කටයුතු කරන අවස්ථාව දක්වා ඊට සහභාගී වූවන් හැසිරුණු ආකාරය පිළිබඳව සමාජයේ දැඩි විවේචනයක් එල්ල වී තිබේ.

මෙම අවමංගල්‍යයේ දී මීටරයක පරතරය, වැළැඳගෙන කණගාටුව ප්‍රකාශ කිරීම ආදි නිරෝධායන නීති ඍජුවම කඩ කරන අවස්ථා මාධ්‍ය මඟින් ජනතාවට දැක බලා ගැනීමට හැකිවිය.

අවසන් කටයුතු කරන මොහොතේ තොණ්ඩමාන් මහතාගේ දේහය ඔසවාගෙන විශාල පිරිසක් තෙරපෙමින් ගමන් කරන අයුරු දක්නට ලැබුණි.

මේ සම්බන්ධයෙන් ගන්න නීත්‍යානුකූල පියවර කුමක්දැයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගෙන් ජනතාව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රශ්න කරමින් සිටි.

Rate this item
(0 votes)
Last modified on Monday, 01 June 2020 09:49