April 27, 2024

හෙට සිට බස් සහ දුම්රිය ධාවනය ඉහළ දැමීමට පියවර

හෙට සිට දුම්රිය 33 ක් ධාවනයට එක් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළ්, සේවා අවශ්‍යතා පදනම් කර ගනිමින් දුම්රියේ ගමන් කිරීමට පුද්ගලයින් 19,593 දෙනෙකු ලියාපදිංචි වී ඇති බවයි.

බස් රථ 5000 කට අධික සංඛ්‍යාවක් ලබන සතියේ ධාවනයට එක් කිරිමට සැලසුම් කර ඇතැයි, ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි.

එහි සභාපති කිංස්ලි රණවක මහතා සඳහන් කළේ, මේ වන විට බස් රථ 4800 ක් ධාවයට එක් කර ඇති බවයි.

අන්තර් පළාත් පෞද්ගලික බස් රථ 3200 ක් ධාවනය සඳහා එක් කිරීමට නියමිත බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළේ ය.

 

Rate this item
(1 Vote)