April 27, 2024

තව ටික දවසකින් හාල් මිල 100 පනිනවා - හර්ෂ ද සිල්වා

සහල් මාෆියාව දණ ගස්සන බවට පාරම් බෑ ආණ්ඩුව අද සහල් මාෆියාව ඉදිරියේ දණගසා ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.

සමගි ජන බලවේගය ඊයේ (30) පැවැත්වූ මාධ්‍ය හමුවට සහභාගි වෙමින් හිටපු මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

එසේ තිබියදී සහල් මිල ඉහළ දැමීම පාරිභෝගිකයන්ගේ ජයග්‍රහණයක් බව සම කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරන බවත්, සහල් මිල ඉහළ දැමූවිට එය පාරිභෝගිකයන්ගේ ජයග්‍රහණයක් වන්නේ කෙසේද යන්න ආණ්ඩුව සහ බන්දුල ගුණවර්ධන ඇමතිවරයා පැහැදිලි කළයුතු බවත් හර්ෂ ද සිල්වා මහතා පවසයි.

සහල් මිල තීරණය කිරීම සහල් මාෆියාකරුවන් විසින් අත්පත් කරගෙන ඇති බව පෙන්වා දෙන හර්ෂ ද සිල්වා මහතා පවසන්නේ ඉදිරියේදී සහල් මිල රුපියල් 100 ඉක්මවා යනු ඇති බවයි. ඇතැම් විට එය 105 දක්වා ඉහළ යා හැකි බවත්, මෝල් හිමියන් මිල කෙතරම් ඉහළ දැමුවද ආණ්ඩුව කිසිවක් කරගත නොහැකි තත්වයට පත්ව ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසයි.

Rate this item
(0 votes)