May 02, 2024

ජනතාවට තවත් බරක් - මහා මැතිවරණයට යන වියදම දෙගුණ වන ලකුණු

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ දෙවතාවක්ම කල් ගොස් ඇති මහා මැතිවරණය පැවැත්වීමට රුපියල් කෝටි 1400 (මිලියන 14,000ක්) වියදමක් යනු ඇතිබව මැතිවරණ කොමසාරිස් කාර්යාලය ගණන් බලා තිබේ.

ප්‍රථමයෙන් මෙම මැතිවරණය සඳහා රුපියල් කෝටි 800ක් යනු ඇතැයි බවට මැතිවරණ කොමිසම ගණන් බලා තිබුණද කොරෝනා වසංගත තත්ත්වය හමුවේ අනුගමනය කළ යුතු ආරක්ෂ පිළිවෙත් මෙන්ම ඒ සඳහා අවශ්‍ය උපකරණ සපයා ගැනීමට තවත් අමතර කෝටි 600ක් යනු ඇතිබවට මැතිවරණ කොමිසම විශ්වාස කරයි.

අප්‍රේල් 25 සහ ජූනි 20 යන දින දෙක තුළ මහා මැතිවරණය පැවැත්වීමට මැතිවරණය කොමසාරිස් කාර්යාලය බලාපොරොත්තු වූවද දැන් ඒ සඳහා වෙනත් දිනයක් යොදා ගැනීමට මැතිවරණ කාර්යාලයට සිදුව තිබේ.

Rate this item
(0 votes)
Last modified on Saturday, 30 May 2020 23:35