April 26, 2024

අද දිනට මෙතෙක් වාර්තා වු ආසාදිතයින් 28 දෙනාම කුවේට් සිට පැමිණි අය

අද(24) දින සවස 5 වන විට කොරෝනා ආසාදිතයින් 28 දෙනෙක් වාර්තා වී තිබේ.

මෙයින් රෝගීන් 5 දෙනෙක් කුවේට්වල සිට පැමිණ ත්‍රිකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධානයට ලක් වෙන පුද්ගලයින් වෙයි.

සෙසු රෝගීන් 23 දෙනා කුවේට්වල සිට පැමිණ මින්නේරිය නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙන පිරිසක් බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් නාලක කලුවැව මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මේ වන විට ශ්‍රී ලංකාවෙන් කොරෝනා ආසාදිතයින් 1117 ක් වාර්තා වී ඇත.

රෝගීන් 674 ක් පූර්ණ සුවය ලබා තිබේ.

එසේම මේ වන විට කොරෝනා ආසාදනය වු රෝගීන් 434 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

ඊයේ(23) දිනයට PCR පරීක්ෂණ  1998 ක් සිදු කරනු ලැබු අතර රෝගීන් 21 ක් එයින් තහවුරු වු බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

Rate this item
(0 votes)