May 06, 2024

අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාල වසා දමයි - සේවකයින් 05කට කොරෝනා

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය යළි  දැනුම් දෙන තුරු තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.
 
තානාපති කාර්යාලයේ සේවකයින් 05 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය විම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව විදේශ සබඳතා අමාත්‍යාංශයේ ප්‍රකාශිකාවක සඳහන් කළේය.
 
මේ සම්බන්ධයෙන් අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිල වෙබ් අඩවියේ ද සටහනක් තබා තිබේ.
 
හදිසි තත්ත්වයක් හේතුවෙන් තානාපති කාර්යාලය නැවත දැනුම් දෙන තුරු  වසා දැමෙන අතර වසා දමා ඇති කාලය තුළ This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනය හෝ ගාස්තු රහිත දුරකතන අංක 800119119 ඔස්සේ තානාපති කාර්යාලය සමඟ සම්බන්ධ විය හැකි බව එම නිවේදනයේ සඳහන්වේ.
Rate this item
(0 votes)