April 27, 2024

මහින්දට මැ.කො යැවූ ලිපියට විමල්ගෙන් පිළිතුරු

උද්ගතව ඇති තත්ත්වය හමුවේ දේශපාලකයන් ජනතා සේවය සිදු කරන මුවාවෙන් මැතිවරණ ප්‍රචාරණයේ නිරත වන බවට මැතිවරණ කොමිෂන් සභාව සිදු කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මැතිවරණ කොමිෂන් සභාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත යොමු කළ ලිපිය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමිනි.

ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පෙරේදා අග්‍රාමාත්‍ය මහින්ද රජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකර තිබුණි.

එමඟින් ඔහු දන්වා තිබුණේ මහමැතිවරණයට ඉදිරිපත්වීමට නියමිත අපේක්ෂකයන් රට තුළ පවතින වාතාවරණය හමුවේ ජනතාවට භාණ්ඩ බෙදා හැරීමේ මුවාවෙන් සිය අපේක්ෂකත්වය සහ පක්ෂය ප්‍රවර්ධන කිරීමේ ප්‍රයත්නයක නිරතවෙමින් සිටින බවයි.

ඊට අමාත්‍යවරයා ඊයේ ප්‍රතිචාර දැක්වූයේ කොවිඩ් - 19 ආසාදිතයන් බවට සැකකෙරෙන රෝගීන් අධීක්ෂණය කෙරෙන හෝමාගම මූලික රෝහලේ නිරීක්ෂණයකට එක්වූ අවස්ථාවේදීය. 

Rate this item
(2 votes)