May 02, 2024

සත්ව උද්‍යානයක කොටියෙකුට කොරෝනා වැළදෙයි - වැළඳි ඇත්තේ උද්‍යානයේ සේවකයෙකුගෙන්?

නිව්යෝක්හි බ්‍රොන්ක්ස් සත්ත්ව උද්‍යානයේ කොටියෙකුට කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය වැළඳී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

'නාඩියා' නම් මෙම සත්ත්වයා වයස අවුරුදු 4ක් වන අතර වියළි කැස්සකින් අනතුරුව සිදුකළ පරීක්ෂාවකින් පසු මේ බව අනාවරණය වී ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් සත්ත්ව උද්‍යානය නිල ප්‍රවෘත්ති නිවේදනයක්ද නිකුත් කර තිබූ අතර සත්ත්ව උද්‍යානයේ වෙනත් කිසිදු සත්ත්වයෙකුට රෝග ලක්ෂණ නොපෙන්වන බව එහි සඳහන් වේ.

‘නාඩියා'ට මෙය වැළඳි ඇත්තේ සත්ත්ව උද්‍යානයේ සේවකයෙකුගෙන් බව අනාවරණය වේ.

මාර්තු 16 වැනිදා සිට වසා දැමුණු මෙම සත්ත්ව උද්‍යානය ජනතාවට විවෘත වී නොතිබිණි.

මෙම සිදුවීම සමඟ වෛරසයෙන් පෙළෙන ඕනෑම කෙනෙක්, සුරතල් සතුන් සමඟ සම්බන්ධතා අවම කරන ලෙසට එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව (USDA) උපදෙස් ලබා දී තිබේ.

මීට පෙර සුනඛයෙකුට හා බළල් පැටවෙකුට කොරෝනා වැළඳුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

Rate this item
(0 votes)