April 26, 2024

විදේශියකයන් සඟවාගෙන සිටි හෝටල් හිමිකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට - එම විදේශිකයන් ප්‍රදේශ රැසක සංචාරය කරලා

නිලාවේලි සංචාරක කලාපයට අයත් හොටෙල් තුනක විදේශියකයන් හත් දෙනෙකු සඟවා ගෙන එය වසන් කළ එම හොටෙල් තුනක අයිතිකරුවන් තිදෙනා පෙරේදා (01) රාත්‍රියේ අත්අඩංගුවට ගැනීමට උප්පුවේලි පොලිසිය සමත්ව තිබේ.

මේ අනුව එම හොටල්වල සිටි ඇමෙරිකානු  ජාතිකයන් දෙදෙනෙකු, චීන ජාතිකයන් දෙදෙනෙකු, පින්ලන්ත ජාතිකයෙකු, ස්කොට්ලන්ත ජාතිකයෙකු හා බ්‍රිතාන්‍ය ජාතිකයෙකු ඇතුලු මෙම හත්දෙනා එම හොටල් තුළම ස්වයං නිරෝධානයට යොමු කල බව උප්පුවේලි පොලිසියේ නිලධාරියෙකු පැවසීය. 

මෙම විදේශිකයන් පොලිස් ආරක්ෂාව ඇතිව නිරෝධායන කටයුතු වලට යොමු කර ඇති අතර එක් විදේශිකයෙකුට විසා නොමැති බවද අනාවරණය වී ඇත.

මෙම විදේශිකයන් යාපනය, හබරණ, අනුරාධපුරය හා මීගමුව ආදි ප්‍රදේශවල සංචාරය කර ඇති බවද  පරික්ෂණවලදී අනාවරණය වී තිබේ.

අදාළ හෝටල් හිමිකරුවන් තිදෙනාට  ශ්‍රි ලංකා දණ්ඩ නිති  සංග්‍රහයේ  262 ,263 හා 264 යන වගන්ති ප්‍රකාරව බරපතල වසංගත රෝගි අවස්ථාවකදි එය වැලැක්විමට කටයුතු නොකිරීම, එයට ආධාර අනුබල දීම යන චොදනා  යටතේ හා නිරෝධායන පනත යටතේ  ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට නියමිතය. 

Rate this item
(0 votes)
Last modified on Friday, 03 April 2020 02:26