April 26, 2024

ජනපති දුන් ණය සහන ලැබුණාදැයි සෙවීමට මහ බැංකුවෙන් පසු විපරමක්

කොරෝනා වෛරසය හමුවේ අපහසුතාවට පත්ව සිටින ජනතාවට රජය විසින් ලබාදී ඇති බැංකු සහන ක්‍රියාත්මක වන්නේ ද යන්න පිළිබදව ශ්‍රී ලංකා මහබැංකුව පසු විපරමක් ආරම්භ කර තිබේ.

ඒ අනුව මහබැංකුවේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙරට සියළුම වාණිජ බැංකු මගින් අදාළ පහසුකම් ලබාදෙන්නේදැයි පසු විපරමක් මේ වන විටත් ආරම්භ කර ඇත.

වෛරසය හමුවේ අපහසුතාවට පත්ව සිටින ජනතාවට සහන රැසක් ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මීට පෙර කටයුතු කර තිබිණි.

ඒ අනුව ත්‍රිරෝද රථ හිමියන්ගේ ලීසිං ණය වාරික අය කර ගැනීම මාස 6කට අත්හිටුවීම, බැංකු හා මූල්‍ය ආයතන විසින් ලබාදී ඇති රුපියල් ලක්ෂ 10ට අඩු පෞද්ගලික ණය අය කර ගැනීම මාස 3කට අත්හිටුවන ලෙසට රජය සියළුම මූල්‍ය ආයතනවලට දැනුම් දී තිබේ.

මීට අමතරව සංචාරක, ඇඟලූම්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා මාස 6ක සහන කාලයක් ක්‍රියාත්මක කිරීමට ද පියවර ගෙන තිබේ.

එමෙන්ම, රුපියල් 50,000ට අඩු මාසික ණයපත් හෙවත් කෙඩි‍්‍රට් කාඞ් සඳහා ද ගෙවීමට සහන කාලයක් ලබාදීමට රජය කටයුතු කර තිබිණි.

Rate this item
(0 votes)