April 26, 2024

ආහාර මගින් කොරෝනා වැළදිය හැකිද? එසේ විය හැකි දුර්ලභ ක්‍රමයක් ගැන හෙළිවෙයි

කොරෝනා වෛරසය ව්‍යාප්ත වන ආකාරය සම්බන්ධයෙන් ඇතැමුන් තුළ වැරදි මත පවතින බව වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

ආහාර මගින් මෙම වෛරසය ව්‍යාප්ත වීමක් සිදු නොවන බව නිශ්චිතව ප්‍රකාශ කළ හැකි බව ඔහු විශේෂඥ වෛද්‍යවරයා පෙන්ව දෙයි.

වෛරස් වල ගුණාංග කිහිපයක් තිබෙන බැවින් කොවිඩි 19 වෛරසය පිළිබඳ දැනට තිබෙන දැනුමක් තිබෙන බවත් ඒ දැනුම අනුව නිශ්චිතව මෙම වෛරසය ආහාර මගින් බෝ නොවන බවත් හෙතෙම සඳහන් කළේය.

කොරෝනා වෛරසය බෝවන ප්‍රධාන ක්‍රම දෙකක් තිබෙන බවත් කෙනෙකුගේ වෛරසය සහිත බිඳිති මගින් තව කෙනෙකු ආශ්වාස ප්‍රශ්වාස කළහොත් හා වෛරසය වැළඳී ඇති පුද්ගලයෙකු ස්පර්ශ කරන දෙයක වෛරසය තිබුනොත් තවත් කෙනෙකුගේ එය ස්පර්ශ වීමෙන් මුහුණ නාසය ඇල්ලුවොත් එම වෛරසය වැළදෙන බවත් වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේය.

ආහාර මගින් වෛරසය බෝවන දුර්ලබ ක්‍රමය වන්නේ රෝගී පුද්ගලයෙකු අතපත ගා තිබූ ආහර තවත් කෙනෙකු ආහාරයට ගැනීම මගින් කලාතුරකින් බෝවිය හැකි බවත් එයද පරීක්ෂණ මගින් ඔප්පු කර නොමැති බවත් වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 31 March 2020 12:55