April 27, 2024

කොරෝනා නිසා මීගමුවේදී මිය ගිය පුද්ගලයාට කොරෝනා වැළදුණු හැටි අභිරහසක්? ඔහුට ප්‍රතිකාර කළ රෝහලත් වසා දමයි

කොවිඩ් වෛරසය අසාදනය වීමෙන් මියගිය දෙවන පුද්ගලයාගේ අවසන් කටයුතු මීගමුව මහනගර සභාවට අයත් පොදු සුසාන භුමියේ දි ඊයේ(30) මධ්‍යම රාත්‍රීයේ සිදුකර තිබේ.

මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කලේ මීගමුව රෝහලේදී ඊයේ ජිවිතක්ෂයට පත්වූ කොරෝනා ආසාධිත වූ පුද්ගලයාට එම වෛරසය වැළදුණු ආකාරය මේ දක්වා අනාවරනය කර ගැනීමට නොහැකිව ඇති බවයි.

64 හැවිරිදි මෙම පුද්ගලයා විදේශයක සිට මෙරටට පැමිණි අයෙක් නොවන අතර ඔහුගේ පවුලේ කිසිදු ඥාතියෙක් හෝ මෑත කාලයේදී විදේශ රටක සිට නිවසට පැමිණි බවට වන තොරතුරු නොමැති බව ඔහු ප්‍රකාශ කළේය.

එම පුද්ගලයා මිට සති දින 20 කට පමණ ඉහතදී යාපනය ප්‍රදේශයේ සංචාරය කොට යලි නිවසට පැමිණ ඇති අතර ඉන් අනතුරුව නිවසින් බැහැරව ගොස් නොමැති බවත් මේ වන විට එම පුද්ගලයාගේ නිවසේ සිටි පවුලේ සාමාජිකයින් 16 දෙනෙක් නිවස තුලම ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බවත් හෙතෙම කියා සිටියේය.

කොරෝනා වෛරසය ආසාධනය වීමෙන් ජිවිතක්ෂයට පත්වූ එම පුද්ගලයාට ඇතිවූ ශ්වසන අපහසුතාවයන් නිසා මිගමුව ප්‍රදේශයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන දෙකකින් ඒ සඳහා නෙබියුලයිසර් (හුස්ම ගැනීමට පහසු කරවන ප්‍රතිකාර ක්‍රමයක්) කර ගෙන ඇත.

ඒ අනුව එම වෛද්‍ය මධ්‍යස්ථානයේ සේවය කළ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ නිලධාරීන් 30 දෙනෙක් පමණ මේ වන විට ස්වයං නිරෝධායනයට ලක් කර ඇත.

එමෙන්ම මෙම පුද්ගලයා ප්‍රතිකාර ගැනීමට ගිය මිගමුව ප්‍රදේශයේ පිහිටි පුද්ගලික රෝහලක් මේ වන විට වසා දමා ඇති බව උපුල් රෝහණ මහතා වැඩිදුරටත් පැවසී ය.

Rate this item
(1 Vote)