April 27, 2024

කොරෝනා විදුලියටත් බලපායි Featured

රටේ පවතින වත්මන් තත්ත්වය නිසා රාජ්‍ය හා පෞද්ගලික ආයතන මෙන්ම කර්මාන්ත ශාලා වසා දැමීම හේතුවෙන් රටේ දෛනික විදුලිය ඉල්ලුම සියයට 30කින් පහළ වැටී ඇත. 

කොරෝනා වෛරය ව්‍යාප්ති වීම වැළැක්වීමේ අරමුණින් රටු පුරා ක්‍රියාත්මක කළ ඇඳිරි නීතිය නිසා මේ තත්ත්වය උදා වී ඇතැයි විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂ ජයවර්ධන මහතා පැවසීය.

දෛනික විදුලි අවශ්‍යතාවය ගිගාවොට් පැය 49 සිට ගිගාවොට් පැය 33 දක්වා අඩුවී ඇති බවද ජයවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේ ය.

Rate this item
(1 Vote)