April 26, 2024

උපත් -මරණ ලියාපදිංචියට අනවශ්‍ය කලබල එපා - රෙජිස්ටාර් ජනරාල්ගෙන් නිවේදනයක්

උපත් සහ මරණ ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන්  අනවශ්‍ය කලබලයක් ඇති කරගතයුතු නොවන බව රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව මහජනයාට දැනුම් දී තිබේ.
 
1951 අංක 17 දරණ  උපත් හා මරණ ලියාපදිංචි පනතට අනුව උපතක් සිදු වී මාස තුනක් ඇතුළත උපත් හා මරණ රෙජිස්ට්‍රාර් මගින්ද,පසුව උපත සිදු ස්ථානය අයත් ප්‍රාදේශිය ලේකම් කාර්යාලය මගින්ද උපත ලියාපදිංචි කිරීමේ හැකියාව පවතී.
 
මරණ ලියාපදිංචියේදීද මින් පෙර චක්‍ර ලේඛයක් මගින් සියලු පළාත් පාලන ආයතක දැනුම්වත් කර ඇති අතර මරණ සහතික හෝ පහත නිවේදනයේ  සඳහන් කර ඇති ලේඛන තුනෙන් එකක් ලබාගෙන අදාළ මරණයේ අවසන් කටයුතු සිදු කිරීම සඳහා සුසාන භූමිය වෙන් කර දෙන ලෙස පළාත්  පාලන ආයතන නිලධාරීන්ටද උපදෙස් දී තිබේ.
 
රට තුළ පවතින තත්ත්වය සමඟ අතවශ්‍ය සේවාවන්ට අදාලව උපත් , මරණ ලියාපදිංචිය සඳහා මහජනතාව දැනුම්වත් කිරීමට මෙම නිවේදනය නිකුත් කර ඇත.

මේ සම්බන්ධව රෙජිස්ට්‍රාර් දෙපාර්තම්න්තුව මගින් විස්තර සහිතව  නිකතු කරන ලද නිවේදනය පහත පරිදි වේ.

Rate this item
(0 votes)