May 08, 2024

අමෙරිකාවේදී කොරෝනා ආසාදනය වූ ළදරුවෙකු ජීවිතක්‍ෂයට

කොරෝනා වෛරසය ආසාදනය වූ ළදරුවෙකු අමෙරිකාවේදී ජීවිතක්‍ෂයට පත්වී තිබේ

එරටින් වාර්තා වූ පළමු කොරෝනා ළදරු මරණය මෙය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මෙම මරණය අමෙරිකාවේ චිකාගෝ නුවරින් වාර්තා වී ඇති බව එරට මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා උපුටා දක්වමින් එම පුවත් සේවා සඳහන් කරයි.

මීට පෙර කොරෝනා ළදරු මරණයක් චීනයෙන්ද වාර්තා වී තිබිණි. එලෙස මියගොස් තිබුණේ වසරකට අඩු ළදරුවෙකි.

මේ වනවිට අමෙරිකාවෙන් කොරෝනා මරණ 2,227 ක් වාර්තා වී ඇති අතර එරටින් වාර්තා වන මුළු ආසාදිතයින් සංඛ්‍යාව එක් ලක්‍ෂ 23,750 කි.

Rate this item
(0 votes)