April 26, 2024

ගෙදර ඉන්න ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට ICCයෙන් අලුත් වැඩසටහනක්

කොවිඩ් 19 හෙවත් මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් නිවෙස් තුලට වී රැඳි සිටි ක්‍රිකට් ප්‍රේක්ෂකයින් වෙනුවෙන් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය නව වැඩසටහනක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පසුගිය වසර 45ක කාලය තුළ සංවිධානය කළ තරඟවලින් සුවිශේෂී තරඟ යළි විකාශය කිරීමට තීරණය කර ඇත.

1975 වසරේ සිට මෙතෙක් පැවැති සුවිශේෂී ක්‍රිකට් තරඟ අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ෆේස් බුක්, යූ ට්යුබ් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ යළි විකාශය කිරීමට සැලසුම් කර ඇති බව ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරයි.

කොරෝනා වෛරසය හේතුවෙන් ජගත් ක්‍රිකට් පිටියේ සැලසුම් කර තිබූ සියලු තරඟ මේ වනවිට දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.

Rate this item
(0 votes)
Last modified on Saturday, 28 March 2020 12:05