April 26, 2024

ඊයේත් අදත් කිසිදු කොරෝනා ආසාදිතයකු වාර්තා වී නෑ

කිසිදු කොරෝනා ආසාදිතයකු අද (26) දිනයේදීද මේ වනතුරු හමු නොවූ බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

ඇමැතිවරිය මේ බව පැවසූවේ කොවිඩ් 19 වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අද පැවැති මාධ්‍ය හමුවේදී ය.

ඊයේ (25) දිනයේදීත් කිසිදු ආසාදිතයකු වාර්තා නොවු අතර අද සවස 4.45 වන තුරුත් කිසිදු අසාදිතයකු වාර්තාවී නොමැත.

ඒ අතර අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිත රෝගීන් සිව් දෙනකුද සුවය ලබා අද නිවෙස්වලට ගොස් ඇතැයිද අමැතිවරිය සඳහන් කළාය.

මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 102 කි.


Rate this item
(1 Vote)